Wednesday, August 22, 2012

ලග්න පලාපල


ලග්න පලාඵල විස්තර


මේෂ ලග්නය
          මෙම ලග්නයෙන් උපන් පුද්ගලයන් කඩිසර හා නොපසුබස්නා වීර්යයෙන් යුතුය.කුමක් සිදුවුවද කම් නැත යන හැගීමෙන් යුතුව ක්‍රියා කරයි.උෂ්ණාධික ශරිර වලින් යුක්තය.එසේම හැඩිදැඩිය.ශරීරයේ තැනින් තැන ළප කැලැල් කිහිපයක් පවති.නිතරම කලබල ගතියෙන් යුතුව ක්‍රියා කරයි.කෙතරම් බාධක පැමිණියද තමා අරමුණු ඉටුකර ගැනීමට වෙහෙස වෙයි.එහෙත් බොහෝ අවස්ථාවල දුරදිග නොබලා කටයුතු කරයි.ඇතැම් දේ පිළිබව දැඩි ආශාවන් ඇති කරගනියි.
සිය අදහස් නොසවා පවසන මේෂ ලග්න හිමියන් කරන කියන සෑමදේම තම සිතට එකව ක්‍රියා කරයි.නිර්භීතය.එහෙත් ඔවුන් දුරදිග නොබලා කටයුතු කිරීම නිසා බොහෝ අවමන් හා පාඩු සිදුකර ගනියි.


Tuesday, August 21, 2012

උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ ජීවිතාවර්ජනය


 උපුල් ශාන්ත සන්නස්ගල සර් ගැන ලියපු ලිපියක් හම්බුනා.ගොඩක් සංවේදි කතාවක්.බලන්නකො  කියවල.

උපුල් ශාන්ත සන්නස්ගල මේ රටේ ජනප්‍රිය උසස් පෙළ සිංහල ගුරුවරයකු බව අවිවාදිත කරුණකි. එසේම විදග්ධ සංස්කෘතිය යනු කුමක්දැයි යන විනිශ්චයේ දී බොහෝ කොට බැණුම් අසන ලද්දෙකි.

මුල් කාලයේ අතිශය දරිද්‍රතාවෙන් පෙළුණු සන්නස්ගල කොළොම්තොට පාදඩයන් අතරේ ද කලක් ජීවත් විය. ලෝකය හා ජීවිතය වඩාත් සුන්දර තැනක් කිරීම අරබයා අදත් වැර වෑයමක යෙදෙන ඔහු තම මෑණියන් පිළිබඳ මතකයමෙසේ අව්‍යාජව හෙළිකරයි. අපි සරල කටවහරින් කැරෙන මෙබසට ඇහුම්කන් දෙමු.

පියකුගෙන් පුතුට ලැබුණු අපූරු උපදෙස් පත්‍රිකාව



මීට බොහෝ කලකට පෙර එච්.ජැක්සන් බ්‍රවුන් නම් මහතකු විසින් ''රීඩස්ට් ඩයිජස්ට්" නම් මාසික සගරාවට ලියා පළ කරන ලද ලිපියක් "සියපත" කතෘවරයකු වු අමරදාස ගුණවර්ධන මහතා විසින් සිංහලයට පරිවර්තනය කර පළ කර තිබුණි. එම ලිපිය කියවා ලග තබාගෙන සිටි මා එය මාගේ සයිබර් අවකාශයට එක් කිරීමට සිතුවේ එය බොහෝ දෙනෙකුට වැදගත් ලිපියක් වෙවි යැයි සිතුන නිසාවෙනි. එම ලිපියේ සදහන් වුයේ පියකු තම පුතු, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහා පිටත්ව යන අවස්ථාවේ දී පුතුට තමාගෙන් ලැබිය යුතු යැයි සිතූ උපදෙස් සටහන් කල පොතක තිබූ වදන් කිහිපයකි. එය මෙසේ ය,

Monday, August 6, 2012

ෆෙංෂුඉ රහස්....

  ධනවත්වීමට ෆෙංෂුඉ

 ඔබේ නිවසේ බස්නාහිර දිශාවේ කොතැනක හරි කුඩා  මාරැකාසි මුට්ටියක් තබන්න.ඔබ ඡීවත්වන්නේ බෝඩිම් කාමරයක නම් කාමරයේ බස්නාහිර දිශාවේ මේ මාරැ කාසි මුට්ටිය තැබිය හැක.එවිට ඔබට වෙනදාට වඩා මුදල් ලැබෙන බව අත්දකීවි.

 කෑම කාමරයේ බිත්තියේ රවුම් හැඩති රාමුකළ කණ්ණාඩියක් එල්ලන්න.එම කණ්ණාඩියෙන් කෑම මේසය මත ඇති ආහාර පෙනිය යුතුය.මෙයින් ද ඔබට ලැබෙන මුදල් ප්‍රමාණය දෙගුණ කරවයි.

 ඔබේ නිවසේ ගිණිකොන දිශාවේ මාළු නව දෙනෙකින් යුත් ටැංකියක් තබන්න.මෙය ඔබට ධනය හා වාසනාව උදා කරයි.

රැකියාවේ හා ව්‍යාපරයේ දියුණුවට ෆෙංෂුඉ

නිවසේ උතුරැ දිශාවේ මාළු ටැංකියක් තබන්න.එහි ජලජ පැලෑටි ස්වල්පයක් වවා කුඩා මාළුන් කිහිපදෙනෙකු දමන්න.ගප්පි මාළුන් මේ සදහා සුදුසු ය.  
   

Sunday, August 5, 2012

නිවෙසක කාමර බෙදිය යුතු දිශා පිළිවෙල



 
උතුරු දිශාව           -  වටිනා වස්තු ගබඩා කාමරය,නිදන කාමර
 
නැගෙනහිර දිශාව  -  නාන කාමරය
 
ගිණිකොණ දිශාව -  මුළුතැන්ගෙය
 
දකුනු දිශාව           -  නිදන කාමර
 
බටහිර දිශාව         - ශාස්ත්‍රීය කටයුතු කාමරය,කෑමකන කාමරය
 
ඊශාන දිශාව          -  ආගමික කටයුතු සිදු කරන ස්ථානය කාමරය
 
වයඹ දිශාව            -  ධාන්‍ය ගබඩා කාමරය
 
නිරිත දිශාව            -  වැසිකිළි කැසිකිළි ආදිය සහ ආයුධ ගබඩාව