Monday, August 6, 2012

ෆෙංෂුඉ රහස්....

  ධනවත්වීමට ෆෙංෂුඉ

 ඔබේ නිවසේ බස්නාහිර දිශාවේ කොතැනක හරි කුඩා  මාරැකාසි මුට්ටියක් තබන්න.ඔබ ඡීවත්වන්නේ බෝඩිම් කාමරයක නම් කාමරයේ බස්නාහිර දිශාවේ මේ මාරැ කාසි මුට්ටිය තැබිය හැක.එවිට ඔබට වෙනදාට වඩා මුදල් ලැබෙන බව අත්දකීවි.

 කෑම කාමරයේ බිත්තියේ රවුම් හැඩති රාමුකළ කණ්ණාඩියක් එල්ලන්න.එම කණ්ණාඩියෙන් කෑම මේසය මත ඇති ආහාර පෙනිය යුතුය.මෙයින් ද ඔබට ලැබෙන මුදල් ප්‍රමාණය දෙගුණ කරවයි.

 ඔබේ නිවසේ ගිණිකොන දිශාවේ මාළු නව දෙනෙකින් යුත් ටැංකියක් තබන්න.මෙය ඔබට ධනය හා වාසනාව උදා කරයි.

රැකියාවේ හා ව්‍යාපරයේ දියුණුවට ෆෙංෂුඉ

නිවසේ උතුරැ දිශාවේ මාළු ටැංකියක් තබන්න.එහි ජලජ පැලෑටි ස්වල්පයක් වවා කුඩා මාළුන් කිහිපදෙනෙකු දමන්න.ගප්පි මාළුන් මේ සදහා සුදුසු ය.  
   

ප්‍රසිද්ධිය ලබාගැනීමට ‍ෆෙංෂුඉ 

 ඔබේ නිවසේ හෝ කාමරයේ හෝ ව්‍යාපාරික ස්ථානයේ දකුණු කොනේ ඉටිපන්මක් හෝ රතුපාට බල්බයක් දල්වා තබන්න.ඔබේ ගෙවත්තේ දකුණු කොනේ රතුපාට පත්‍ර ඇති හෝ රතුපාට මල් පිපෙන පැලැටි සිටුවන්න.ඔබ බලාපොරොත්තුවන ප්‍රසිද්ධිය ඔබ වෙත ගලා එනු ඇත.

අන් අයගේ සහයෝගය ලබා වැඩිපුර ලබාගැනීමට 

 ඔබේ නිවසේ හෝ කාමරයේ තිබෙන රැපවාහිනිය හා ගුවන්විදුලිය වයඹ දිශාවේ තබන්න.එවිට ඔබට අන් අයගේ සහයෝගය නොඅඩුව ලැබෙන බව වැටහේවි.

 නීරෝගි ඡිවිතයකට ෆෙංෂුඉ

කිහිපදෙනෙකු සතුටින් සිටින සමුහ ඡායාරැපයක් ඔබේ නිවසේ මැද කොටසේ එල්ලන්න.ඉන්පසු නිරෝගි සරැවට වැඩුණු කොළපාට කුඩා පැළැටි (උල් හැඩති පත්‍ර සහ කටු වලින් තොර) කිහිපයක් ගෙන නිවසේ නැගෙනහිර කොනේ තබන්න.වෙනදාට වඩා ඔබේ සෞඛ්‍ය තත්වය දියුණුවන බව අත්දකීවි.

වාසනාවන්තයෙකුවීමට ෆෙංෂුඉ 

ඔබේ  කෑම කාමරයේ ඇති කෑම මේසය මත සරැවට වැඩුණු කුඩා පැලෑටියක් සහිත පොච්චියක් තබන්න.නමුත් මෙම පැලෑටි උල් හැඩති පත්‍රවලින් හා කටුවලින් තොර විය යුතුය.මෙය සෑමදාම මෙලෙස තිබෙන්නට හරින්න.නිවසේ සිටින සියලු දෙනාට වාසනාව උදාවනු ඇත.

No comments:

Post a Comment