Tuesday, August 21, 2012

පියකුගෙන් පුතුට ලැබුණු අපූරු උපදෙස් පත්‍රිකාව



මීට බොහෝ කලකට පෙර එච්.ජැක්සන් බ්‍රවුන් නම් මහතකු විසින් ''රීඩස්ට් ඩයිජස්ට්" නම් මාසික සගරාවට ලියා පළ කරන ලද ලිපියක් "සියපත" කතෘවරයකු වු අමරදාස ගුණවර්ධන මහතා විසින් සිංහලයට පරිවර්තනය කර පළ කර තිබුණි. එම ලිපිය කියවා ලග තබාගෙන සිටි මා එය මාගේ සයිබර් අවකාශයට එක් කිරීමට සිතුවේ එය බොහෝ දෙනෙකුට වැදගත් ලිපියක් වෙවි යැයි සිතුන නිසාවෙනි. එම ලිපියේ සදහන් වුයේ පියකු තම පුතු, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහා පිටත්ව යන අවස්ථාවේ දී පුතුට තමාගෙන් ලැබිය යුතු යැයි සිතූ උපදෙස් සටහන් කල පොතක තිබූ වදන් කිහිපයකි. එය මෙසේ ය,

  • ඔබ අදහන ආගම හා සම්බන්ධ ධර්ම පුස්තකයක් වසරක් ගෙවා හෝ මුල සිට අග දක්වාම කියවන්න.
  • හොදින් සවන් දෙන්න පුරුදුවන්න.ජීවිත වාසනාවේ ප්‍රස්තාව සමහරවිට තට්ටු කරන්නේ ඉතා සෙමින්ය.
  • කෙනෙකුගේ බලාපොරොත්තු කිසි දිනෙක එම තැනැත්තාට අහිමි නොකරන්න. ඔහුට හෝ ඇයට ඇති එකම බලාපොරොත්තුව එය විය හැක.
  • භවභෝග සම්පත් සදහා නොව ප්‍රඥාව සහ ආත්මශක්තිය ලබා ගැනීමට යාඥා කරන්න.
  • යහපත් ඉරියව්වකින් සිටින්න. තැනකට ඇතුළු විය යුත්තේ අවශ්‍යතාවක් සහ විශ්වාසයක් ඇතිවය.
  • සෙනග ගැවසෙන තැනකදී ව්‍යාපාරය ගැන කතා නොකරන්න. කවරකු ඒවා අසා සිටිත්දැයි ඔබ නොදනී.
  • යම් කාර්යක් අවසාන වන්නට පෙර ඒ සදහා  ගෙවිය යුතු මුදල නොගෙවන්න.
  • පූර්ණ යුද්ධය ජයග්‍රහනය ලැබීම සදහා එක් සටනක පරාජය භාර ගැනීමට මැළි නොවන්න.
  • ඕපාදූප කතා නොකරන්න.
  • තමන්ට නැතිවන්නට කිසිවක් නැතැයි කියන අයගෙන් ප්‍රෙවේසම් වන්න.
  • දුෂ්කර කාර්යක් ඇතිවිට, එය අසාර්ථකවීම සිදුවිය නොහැකිය යන අදහසින් ම කටයුතු කරන්න.
  • තමා ගැන ලඝුකොට නොසිතන්න. යමක් ප්‍රති‍‍ක්ෂේප කරනවිට එය ආචාරශිලිව මෙන්ම ඉක්මණින් කරන්න.
  • ජීවිතය නිතරම සුන්දරයි.සතුටුදායකයි කියා නොසිතන්න. සමාවදීම තුළ ඇති බලශක්තිය අවතක්සේරු නොකරන්න. ගැටලුව යන වචනය වෙනුවට වාසනාවේ ප්‍රස්තාව යන වචනය යොදාගන්න.
  • බිරිද සමග අමනාප වූ කිසි දිනෙක ඒ නිසා නිවස හැර නොයන්න.
  • සෑම දවසකටම තිදෙනෙකුට ප්‍රශංසා කරන්න.
  • අඩු වශයෙන් වසරකට එක් වරක්වත් හිරු නැගීම නරඹන්න.
  • ඔබේ උදය ආහාරය සපයන්නාට නොමසුරුව පඩුරක් දෙන්න.
  • කෙනෙකු දෙස බලන විට කෙලින්ම දෙඇස දෙස බලන්න.
  • ’"ස්තුතියි" යන වචනය බහුලව පාවිච්චි කරන්න.
  • ’"කරුණාකර" යන වචනය නොමසුරුව පාවිච්චි කරන්න.
  • ඔබේ වත්පොහොසත් කමට වඩා අඩු මට්ටකින් ජීවත්වන්න.
  • ඔබ කැමති වන්නේ යමෙකු විසින් ඔබට කවර අන්දමකින් සලකනු ලැබීමට ද, ඔබට හමුවන සෑම දෙනාටම ඒ අන්දමින්ම සලකන්න.
  • සෑම වසරකදීම ලේ පයින්ට් දෙකක් ප්‍රදානය කරන්න.
  • අලුත් මිතුරන් ලබා ගන්න. එහෙත් පැරණී මිතුරන් අමතක නොකරන්න.
  • රහස් රහස් වශයෙන්ම තබා ගන්න.
  • වෘත්තියක ඇති වංචා ප්‍රයෝග ඉගෙනීමට කාලය වැය නොකොට එම වෘත්තිය ඉගෙනගන්න.
  • ඔබගේ වරදක් ඇති තැන එය පිළිගන්න.
  • නිර්භීත වන්න. ඔබ නිර්භීත නොවූවත් නිර්භීත බව පෙන්වන්න. වෙනස කිසිවෙකුටත් දැකිය නොහැක.
  • ඔබ ජීවත්වන සමාජ කොට්ඨාශයේ පුණ්‍ය ක්‍රියාවක් තෝරාගෙන ඔබගේ කාලයත් ධනයත් නොමසරුව එයට කැප කරන්න.
  • ඔබ සතු ක්‍රෙඩිට් කාඩ් පත පහසුව සදහා පමණක් පරිහරණය කරන්න. ඉන් ණයකරුවෙකු නොවන්න.
  • කිසි දිනක වංචා නොකරන්න.
  • වසර පහක් හෝ ඊට වැඩි කාලයක් පරිහරණය කරන්නට බලාපොරොත්තුවන ලී බඩු සහ ඇදුම් මිලට ගන්නේ නම් ඉස්තරම්ම වර්ගයෙන් මිලදී ගන්න.
  • නිර්භීත වන්න.ධෛර්යය සම්පන්න වන්න.ජීවිතේ අතීතය දෙස බලනවිට ඔබ අතින් ඉටු වූ දෙයට වඩා  ඉටු නොවු දේ ඇතැයි ඔබ දුක්වනවා ඇත.
  • කමිටු අමතක කර දමන්න. ලොව පෙරළිකාර උසස් සම්මානීය අදහස් පහළ වූයේ තනිව කටයුතු කළ පුද්ගලයන් මගිනි.
  • මහමග ගී ගයන්නා සමාජයට අනර්ඝ පුද්ගලයකි. මදක් නතර වී සවන් දෙන්න. නොමසුරුව පඩුරක් දෙන්න.
  • ගැඹුරු සෞඛ්‍යය ගැටලුවක් ඇති අවස්ථාවක දී අඩු  වශයෙන් වෛද්‍යවරු තිදෙනෙකුගෙකන්වත් උපදෙස් ලබා ගන්න.
  • කුණු කසළ ඒ මේ අත දැමීමට එරෙහිව සටන් කරන්න.
  • යම් ස්ථානයක සේවා සැපයීම හෝ අහාර ද්‍රව්‍ය හෝ අනෙකුත් නිෂ්පාදන පහත් මට්ටමක වේ නම් නොපමාව එහි බලධාරීන්ට දන්වන්න. බොහෝදෙනා එය අගය කරති.
  • යමක් කල් නොදමන්න.කළ යුතු දේ කළයුතු අවස්ථාවේදීම ඉටු කරන්න.
  • ඔබේ කටයුතුවල ප්‍රමුඛතාව පැහැදිලිව සටහන් කරගන්න.
  • ’"මම දන්නේ නැහැ" යැයි කියන්නට පසුබට නොවන්න.
  • ’"මම කණගාටු වෙනවා" යැයි කියන්නට පසුබට නොවන්න.
  • මියයන්නට පෙර ඔබ අතින් ඉටුවිය යුතු කටයුතු විසි පහක ලේඛනයක් පිළියෙල කරගන්න. ඔබේ මුදල් පසුම්බියේ එය තබාගෙන නිතර එය කියවන්න.
  • ඔබේ මෑණියන් අමතන්න.

1 comment: